Industrial Bank of Korea

IBK, ඔබගේ මූල්‍ය සහකරු
වඩා හොඳ අනාගතයක් සඳහා

ඉතිහාසය

2023
01
  • 27වන සභාපති කිම් සෙඔං-තේ (Kim Seong-tae) මහතාගේ පදවි ප්‍රාප්තිය
2022
12
  • සභාපති යූන් ජොං-වොං (Yoon Jong-won) සෞදි අරාබියේ SME බැංකුව දියත් කිරීමේ උත්සවයට සහභාගී විය
11
  • බාහිර විශේෂඥයන්ගෙන් සමන්විත “ඩිජිටල් කාර්යය-මට්ටම් උපදේශක කණ්ඩායම” (“Digital Working-level Advisory Group”) සංවිධානය කිරීම
  • ප්‍රතිසංවිධානය කරන ලද ආයතනික ඩිජිටල් නාලිකාව විවෘත කිරීම
  • කොරියානු ජාතික මල්ලවපොර සහ බර ඉසිලීමේ කණ්ඩායමේ නිල හවුල්කරුවෙකු ලෙස අනුග්‍රාහක ගිවිසුමක් අත්සන් කිරීම
  • "The Art Plaza: LINK by IBK" පැවැත්වීම
09
  • “Result Report of Status Survey for Transition to Eco-friendliness of SMEs” ප්‍රකාශනයට පත් කිරීම
07
  • "2022 IBK තිරසාර වාර්තාව" ප්‍රකාශනයට පත් කිරීම
  • පරිසර අමාත්‍යංශය සමග ව්‍යාපාරික ගිවිසුමකට එළඹීම (පරිසර හිතකාමී වර්ගීකරණ පද්ධතිය පුළුල් කිරීම සඳහා වූ පුහුණු ගිවිසුම)
  • මූල්‍ය අංශයේ ප්‍රථම වරට සමාගම්වල වර්ධන විභවයන් පිළිබිඹු කිරීම සඳහා "IBK ස්වයංක්‍රීය ඇගයීම" (IBK Auto-Evaluation) හඳුන්වාදීම
05
  • ESG හවුල් වර්ධනය සඳහා කුඩා ව්‍යවසායන් සහ කුඩා ව්‍යාපාර හිමියන් හට මූල්‍ය ආධාර සැපයීම උදෙසා KBIZ Korea SMEs සම්මේලනය සමග ව්‍යාපාරික ගිවිසුමකට එළඹීම
03
  • IBK Grand Slam Junior Nurturing Team දියත් කිරීම
  • එක්සත් ජාතීන්ගේ "කාන්තා සවිබල ගැන්වීමේ මූලධර්ම" (Women’s Empowerment Principles (WEPs)) හා සම්බන්ධ වීම
  • මූල්‍ය අංශයේ ප්‍රථම වතාවට විශ්‍රාම වැටුපෙහි ආයතනික වර්ගයේ පද්ධති (DB·DC) සඳහා මුහුණට මුහුණ නොවන නව දායකත්ව සේවාවක් දියත් කිරීම
02
  • තිරසාරභාවයට සම්බන්ධ කොරියාවේ පළමු ණය වන “සාර්ථක ESG කළමනාකරණ ආධාර ණය” (Successful ESG Management Support Loan) දියත් කිරීම
01
  • කාල සීමාව තුළ KRW ට්‍රිලියන 2ක ශුද්ධ ලාභයක් ලබා ගැනීම
2021
12
  • i -ONE වත්කම් කළමනාකරණ සේවාව දියත් කිරීම
11
  • 2021 පළමු භාගයේ දී බැංකු අංශයේ තාක්ෂණික මූල්‍යකරණ කාර්ය සාධන සමාලෝචනයේ අංක 1 ස්ථානයට පත්වීම
  • මූල්‍ය උපදේශන වැඩසටහන ක්‍රියාත්මක කිරීම
09
  • IBK කාබන් මධ්‍යස්ථතා (2040) ESG කමිටුව සඳහා වූ යෝජනාව
  • කොරියාවේ ප්‍රථම වරට ආයතනික කාඩ්පත් නිකුත් කිරීම සහ ගෙවීම් ගිණුම් විවෘත කිරීම සඳහා සම්පූර්ණයෙන්ම මුහුණට මුහුණ නොවන සේවාව හඳුන්වාදීම
  • මගේ දත්ත (My Data) (පුද්ගලික ණය තොරතුරු කළමනාකරණ ව්‍යාපාරයක් ලෙස) සඳහා අනුමැතිය (මූල්‍ය සේවා කොමිෂන් සභාවෙන්) ලබා ගැනීම
  • සෞදි අරාබියේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය බැංකුව පිහිටුවීමට සහාය වීම සඳහා සෞදි අරාබිය සමග ව්‍යාපාරික ගිවිසුමකට එළඹීම
08
  • මූල්‍ය අංශයේ ප්‍රථම වතාවට මධ්‍ය කාලීන ණය ශේෂය KRW ට්‍රිලියන 200 දක්වා ළඟා වීම
07
  • "BOX POS" සඳහා ග්‍රාහකයන් සංඛ්‍යාව 10,000 ඉක්මවීම
06
  • පුද්ගලික සහ ආයතනික කාඩ්පත් ඒකාබද්ධ කරනු ලබන කොරියාවේ පළමු කාඩ්පත වන “CEO කාඩ්පත” දියත් කිරීම
  • දේශීය බැංකු අතර ප්‍රථම වරට ආචාර ධර්ම නිලධාරියා (EO) හඳුන්වාදීම
03
  • මූල්‍ය අංශයේ ප්‍රථම වරට කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නිෂ්පාදන අලෙවි කිරීමට සජීවී වාණිජ්‍යයට සහාය වීම
02
  • ස්මාර්ට්ෆෝන් භාවිත කරනු ලබන කාඩ්පත් ගෙවීම් පර්යන්තයක් වන "BOX POS" දියත් කිරීම
01
  • IBK මියන්මාර බැංකුවේ ව්‍යාපාර විවෘත කිරීම
2020
11
  • මූල්‍ය අංශයේ ප්‍රථම වරට "IBK ඩිජිටල් අනන්‍යතා සතපනය" (IBK Digital Identity Authentication) දියත් කිරීම
  • කුඩා ව්‍යාපාර හිමියන් සඳහා දෛනික මූල්‍යකරණ වේදිකාවක් වන “කුඩා ව්‍යාපාර හිමියන් සඳහා i –ONE” (i-ONE for Small Business Owners) දියත් කිරීම
10
  • විස්තීරණ වත්කම් කළමනාකරණය සඳහා උපදේශන සේවාවක් වන "IBK පළමු පන්තිය" (IBK First Class) ක්‍රියාත්මක කිරීම
09
  • මූල්‍ය අංශයේ ප්‍රථම වතාවට දේපල වෙළඳාම් සඳහා AI තාක්ෂණය භාවිත කරමින් ස්වයංක්‍රීය සමාලෝචන පද්ධතිය හඳුන්වාදීම
07
  • "IBK නවෝත්පාදන කළමනාකරණය" (නවෝත්පාදන මූල්‍යකරණය සහ යුක්තිගරුක කළමනාකරණය) නිවේදනය
  • බැංකු ක්ෂේත්‍රයේ ප්‍රථම වරට සම්පූර්ණයෙන් මුහුණට මුහුණ නොවන නිශ්චල දේපල උකස් ණයක් වන “ i -ONE කුඩා ව්‍යාපාර හිමියන් සඳහා නිශ්චල දේපල උකස් ණය” (i-ONE Real Estate Mortgages Loan for Small Business Owners) දියත් කිරීම
06
  • බැංකු ක්ෂේත්‍රයේ ප්‍රථම වරට "ආයතනික හවුල් කාඩ්පත් සඳහා පහසු ගෙවීම් සේවාව" (Easy Payment Service for Corporate Shared Cards) හඳුන්වාදීම
  • පුද්ගලික මූල්‍යකරණය (පුද්ගලික තැන්පතු සහ ගෘහ ණය) KRW ට්‍රිලියන 100 ඉක්මවයි
  • කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ නව්‍ය සංක්‍රාන්ති සඳහා උපදේශන සේවා ක්‍රියාත්මක කිරීම
  • COVID-19 හේතුවෙන් ද්‍රවශීලතා අර්බුදයක දී කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් හට සහාය වීම සඳහා KRW ට්‍රිලියන 10ක් සපයන “SME මූල්‍ය ආධාර වැඩසටහන” (SME Financial Support Program) ක්‍රියාත්මක කිරීම
04
  • රජය විසින් KRW බිලියන 676.5ක මුදල් ආයෝජනය කිරීම
  • කුඩා ව්‍යාපාර හිමියන් සඳහා අතිශය අඩු පොලී අනුපාත සහිත විශේෂ ණයක් වන “පහසු ඇපකරය (ප්‍රාදේශීය ඇපකර පදනම්)” (“Easy Guarantee (regional guarantee foundations”) ක්‍රියාත්මක කිරීම
  • COVID-19 හේතුවෙන් බලපෑමට ලක් වූ සමාගම් වල ණය සඳහා පොලිය කල් දැමීමෙන් නිදහස් කිරීමේ නිර්ණායක ක්‍රියාත්මක කිරීම
01
  • 26වන සභාපති යූන් ජොං-වොන් (Yoon Jong-won) මහතාගේ පදවි ප්‍රාප්තිය